75 වන වජ්‍ර ජයන්ති සැමරුම

75 වෙනි සංවත්සරය

මාතර තිහගොඩ සිරි රතනජෝති විද්‍යායතන පිරිවෙන් විහාරයට වසර 75ක් පිරීම නිමිති කරගෙන පවත්වන්නට යෙදුණු 75 වෙනි වජ්‍ර ජයන්තිය පිළිබද කෙටි සටහනක්.

1950 වර්ෂයේ මැයි මස 12 වන දින මාර/සිරි රතනජෝති විද්‍යායතන පිරිවෙන ආරම්භ කරන්නට විය. අති පූජ්‍ය අකුරුගොඩ රතනජෝති නාහිමියන්ගේ ශ්‍රී නාමය අනුස්මරණය කිරීම සදහා උන් වහන්සේගේ ශිෂ්‍යවර  මහාචාර්ය අතිපූජ්‍ය කඹුරුපිටියේ වනරතන මහා නායක මාහිමිපාණන් වහන්සේගේත් රාජකීය පණ්ඩිත පොළොම්මාරුවේ හේමසිරි පණ්ඩිත හිමියන්ගේත් මූලිකත්වයෙන්   ආරම්භ කරන්නට විය. 2025 මැයි 12 වන දිනට වසර 75 ක් පිරීම නිමිති කරගෙන “රතනජෝති පිරිවෙන් වජ්‍රජයන්තිය” සිදු කරන්නට විය. 2025 මැයි 12 දින සිට 2025 මැයි 17 දක්වා සංස්කෘතික උත්සව, ප්‍රදර්ශන කුටි, සංදර්ශන ඇතුළු බොහෝ දෑ ක්‍රියාත්මක විය. මෙම මහඟු කටයුත්ත සදහා ගෞරවණීය මහා සංඝරත්නය, මැති ඇමතිවරු හා සම්භාව්‍ය අමුත්තෝ රාශියක් සම්බන්ධ වූහ. ශ්‍රී රෝහණ පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය අගලබඩ පියසිරි මහානාහිමියන්, අග්‍ගමහා පණ්ඩිත අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර  හිමියන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ තනතුර දරන ලද කුඹල්ගොඩ ධම්මාලෝක නාහිමි, මහාචාර්ය අති පූජ්‍ය කොටපිටියේ රාහුල නාහිමි ප්‍රධාන මහ සඟ රුවනත්  අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිණිය, සුනිල් හදුන්නෙත්ති අමාත්‍ය තුමා, විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක  සජිත් ප්‍රේමදාස මහතා,  පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු ප්‍රධාන ගිහි ආරාධිත අමුත්තන් රාශියකගේ සහභාගීත්වයෙන් උත්සවය වර්ණවත් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top