සිරි රතනජෝති දහම් පාසල

ඌරාපොල සිරි රතනජෝති දහම් පාසල 1940 වර්ෂයේ දී ආරම්භ කරන ලද්දේ පූජ්‍ය අකුරුගොඩ රතනජෝති නාහිමියන් විසිනි.වර්තමානයේ ශාස්ත්‍රපති පූජ්‍ය ගෝනදෙනියේ  තපස්සි නායක ස්වාමින් වහන්සේ ප්‍රධානාචාර්ය ධූරයේ කටයුතු කරනු ලබන අතර සිසුන් 200ක් පමණ දහම් අධ්‍යාපනය හදාරයි.දරුවන්ට දහම් අධ්‍යාපනය ලාබාදීම සදහා 15 දෙනෙකුගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් නිබඳවම කැපවී සිටිති.

විනය හික්මීම දැනුමට අමතරව බාහිර ක්‍රියාකාරකම් ආදියද දහම් පාසලේ දරුවන් හට ලබාදීමට ගුරු මණ්ඩලය ඇප කැප වී සිටිති.දහම් පාසලට පැමිණෙන සෑම දරුවෙකුටම උදෑසන ආහාර වේලක් ලබාදීමද වර්තමානයේ සිදුකෙරෙනු ලබයි.

Scroll to Top