ඌරාපොළ මේධංකරාරාමය

ආයතනාධිපතිත්වය

ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්), සිරි රතනජෝති පිරිවෙන් විහාරස්ථ ශ්‍රී රෝහණ සංඝ සභා මුලස්ථානාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය ගෝණදෙණියේ තපස්සි නාහිමි.

ආරම්භයේ සිට වර්තමානය දක්වා හිමිවරු

ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ ප්‍රථම මහා නායක පුරාවිද්‍යා චක්‍රවර්ති, සාහිත්‍යසූරී, මහෝපාධ්‍යාය, දර්ශන විශාරද, මහාචාර්ය අතිපූජ්‍ය කඹුරුපිටියේ වනරතන මහ නාහිමි – (1950)

Read More>>>

ශාස්ත්‍රපති පූජ්‍ය පොළොම්මාරුවේ හේමසිරි නාහිමි – (1998)

Read More>>>

ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්), සිරි රතනජෝති පිරිවෙන් විහාරස්ථ ශ්‍රී රෝහණ සංඝ සභා මුලස්ථානාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය ගෝණදෙණියේ තපස්සි නාහිමි 

Read More>>>

ඉතිහාසය - History

දක්ෂිණ ලංකාවේ කීර්තිමත් අධ්‍යාපන ආයතනයක් වූ මාතර ඌරාපොළ සිරි රතනජෝති විද්‍යායතන පිරිවෙන් විහාරස්ථානයෙහි ආරම්භය මහනුවර යුගයේ රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමය දක්වා විහිදී යයි. එම වකවානුවේ පහතරට සංඝරාජ ධුරය හෙබවූ කඹුරුපිටියේ සඟිධර ගුණරතන නායක හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යවර කඹුරුපිටියේ මේධංකර හිමිපාණන් වහන්සේගෙන් ආරම්භ වූ පූජා භූමියකි. උන් වහන්සේගේ නමින් මේධංකරාරාමය යනුවෙන් මෙයට සියවස් දෙක තුනකට ප්‍රථම ආරම්භ වූ මේ විහාරස්ථානය ආරම්භයේ කුඩා පන්සල් ගෙයකට හා පිළිම ගෙයකට පමණක් සීමා විය. මේ අවධියේ ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය දැරූ කඹුරුපිටියේ සඟිධර ගුණරතන නායක හිමිපාණන් වහන්සේගේ අපවත් වීම නිසා කඹුරුපිටියේ මේධංකර නායක හිමිපාණන් වහන්සේ ශ්‍රී පාද පුදබිමේ නායක පදවිය භාර ගැනීමත් සමග උන්වහන්සේ ශ්‍රී පාදය බලා වැඩම කිරීම නිසා ඌරාපොළ මේධංකරාරාමය අධිපති තනතුරට පත් වන්නේ අකුරුගොඩ ජෝතිපාල හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය අකුරුගොඩ රතනජෝති නායක හිමිපාණන් වහන්සේය.

අකුරුගොඩ රතනජෝති හිමිපාණන් වහන්සේ මෙම විහාරස්ථානයේ විහාරාධිපති තනතුරට පත්වීමත් සමඟ මේ විහාර භූමිය තුළ විශාල දියුණුවක් ඇති විය. ත්‍රිවිධ චෛත්‍යයන්, ධර්මශාලාව, සංඝාවාසය ආදිය ක්‍රමයෙන් ඉදි වන්නට විය. ආසන්න ප්‍රදේශ තුළ තවත් විහාරස්ථාන කිහිපයක් ද ඉදිකර එම විහාරස්ථානවල කේන්ද්‍රස්ථානය බවට ඌරාපොල විහාර භූමිය පත් කරන ලදී. අකුරුගොඩ බෞද්ධ මිශ්‍ර පාසලක් ඇති කොට එය පරම විඥානාර්ථ බෞද්ධ සමාගමට පැවරූ අතර ඌරපොළ විහාර භූමිය තුළ පිං බෙහෙත් ශාලාවක් ආරම්භ කළහ. එහි වෙද හාමුදුරුවන් ලෙස කටයුතු කළ රතනජෝති හිමිපාණන් වහන්සේ රෝගීන් සුවපත් කිරීමට අමතරව තමා උගත් වෛද්‍ය ශිල්පිය අන් අයට ද බෙදා දීමට කටයුතු කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් දේශීය වෛද්‍යවරු 200ක් පමණ බිහි වූ අතර ඔවුන් නේවාසිකව ප්‍රතිකාර කළ බව ඉතිහාසය සාක්ෂ්‍ය දරයි. මේ දේශීය වෛද්‍යවරු අතරින් කොටපොළ වෙද මහතා මෑතක් වන තුරුම ජීවත් වූ අතර වර්තමානයේ ඔහුගේ දූ දරුවෝ  මේ දේශීය වෙදකම ඉදිරියට ගෙන යමින් සිටිති.

1948 වර්ෂයේ දී අකුරුගොඩ රතනජෝති හිමිපාණන් වහන්සේ අපවත් වන විට ප්‍රදේශය තුළ දරුවන් දස දෙනකු පැවිදි භාවයට පත්කර තිබුණි.

පූජ්‍ය අකුරුගොඩ ඤාණරතන නාහිමි

පූජ්‍ය ඌරාපොල චන්ද්‍රජෝති නාහිමි

පූූජ්‍ය පරදූව පියතිස්ස හිමි

පූජ්‍ය විටියල සරණපාල හිමි

පූජ්‍ය කඹුරුපිටියේ වනරතන නාහිමි

පූජ්‍ය ඌරාපොළ හේමාලෝක හිමි

පූූජ්‍ය පොළොම්මාරුවේ හේමසිරි හිමි

ආදි වශයෙන් පසුකාලීනව චිර ප්‍රසිද්ධ වූ ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් බිහි වූයේ උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයෙනි. උන්වහන්සේගෙන් අනතුරුව ඌරාපොළ විහාරස්ථානයේ නායක පදවිය සඳහා ඌරාපොළ චන්ද්‍රජෝති නායක හිමිපාණන් වහන්සේ විසින් උසුලන ලදී. මෙවකට සපුගොඩ විද්‍යානිකේතන පිරිවෙනෙහි පරිවේණාධිපති හිමි ලෙස කටයුතු කළ කඹුරුපිටියේ වනරතන හිමිපාණන් වහන්සේ ඌරාපොළ මේධාරංකාරාමයට වැඩම කොට 1950 මැයි මස 12 වෙනි දින පිරිවෙන් ආයතනයක් ආරම්භ කර තම ගුරුදේව අකුරුගොඩ රතනජෝති නායක හිමිට ගරු කිරීමක් වශයෙන් මාර/සිරි රතනජෝති පිරිවෙන නමින් නම් කළහ. 1951 වර්ෂයේ ලියාපදිංචි පිරිවෙනක් බවට පත් වූ රතනජෝති පිරිවෙන භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් විය.

Scroll to Top