පුරාවිද්‍යා චක්‍රවර්ති, සාහිත්‍යසූරී ග්‍රන්ථ විශාරද මහාචාර්ය අතිපූජ්‍ය කඹුරුපිටියේ වනරතන මහානායක හිමිපාණන් වහන්සේ 1950 මැයි මස 12 වැනි දින ඌරාපොල පිරිවෙන් ආයතනය ආරම්භ කොට ගුරුදේව අකුරුගොඩ රතනජෝති නායක හිමිට ගරු කිරීමක් ලෙස රතනජෝති පිරිවෙන නමින් නම් කළ අතර 1951 වර්ෂයේ ලියාපදිංචි පිරිවෙනක් බවට පත් කළහ.
ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවීම පදනම් කොට ගෙන නව පිරිවෙන් ශාලාවක් ඉදිකොට 1964 සැප්තැම්බර් මස 07 වන දින අග්‍රාණ්ඩුකාර ධුරය දැරූ ශ්‍රීමත් විලියම් ගොපල්ලව මැතිතුමා අතින් විවෘත විය.
පොළොම්මාරුවේ හේමසිරි පණ්ඩිත මහහිමිපාණන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් වශයෙන් කනිෂ්ඨ පිරිවෙනක් ව පැවැති රතනජෝති පිරිවෙන 1964 වර්ෂයේදී ජ්‍යෙෂ්ඨ පිරිවෙනක් දක්වාත්, 1980 වර්ෂයේ ඉදිරිපත් වූ නව පිරිවෙන් පනතින් මහ පිරිවෙනක් දක්වාත්, 1997 වර්ෂයේ දී පිරිවෙන් විද්‍යායතනයක් දක්වා ද උසස් තත්ත්වයට පත් විය.
හේමසිරි පණ්ඩිත ස්වාමීන් වහන්සේගේ අපවත් වීමෙන් පසුව උන් වහන්සේගේ ශිෂ්‍යවර ශාස්ත්‍රපති පූජ්‍ය ගෝණදෙනියේ තපස්සි හිමිපාණන් වහන්සේ විසින් වර්තමානයේ රතනජෝති විද්‍යායතනය ඇතුළු ආයතන සියල්ලේම අධිපතිත්වය දරනු ලැබේ.
රතනජෝති විද්‍යායතන පිරිවෙණෙහි ආරම්භක කෘත්‍යාධිකාරී මණ්ඩලය
- මහාචාර්ය අතිපූජ්‍ය කඹුරුපිටියේ වනරතන මහ නාහිමි
- රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය පොලොම්මාරුවේ හේමසිරි නාහිමි
- ශාස්ත්‍රවේදී පූජ්‍ය බඹරැන්දේ නන්ද හිමි
- ශාස්ත්‍රපති පූජ්‍ය ගෝණදෙණියේ තපස්සි හිමි
- රාජකීය පණ්ඩිත ගොම්බද්දල නන්දාරාම මහනාහිමි
- අරඹේගොඩ පබ්බතාරාම විහාරාධිපති පූජ්‍ය අතුරලියේ ඉන්දජෝති හිමි (වර්තමානයේ)
ආරම්භයේ සිට වර්තමානය දක්වා පරිවෙණාධිපති හිමිවරු
- ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ ප්‍රථම මහා නායක පුරාවිද්‍යා චක්‍රවර්ති, සාහිත්‍යසූරී, මහෝපාධ්‍යාය, දර්ශන විශාරද, මහාචාර්ය අතිපූජ්‍ය කඹුරුපිටියේ වනරතන මහ නාහිමි (1950-1985)
- රාජකීය පණ්ඩිත පූජ්‍ය පරවාහැර සෝභිත නාහිමි (1985-1990)
- විශ්‍රාමලත් විදුහල්පති, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය පොලොම්මාරුවේ හේමසිරි නාහිමි (1990-2001)
- ශාස්ත්‍රපති පූජ්‍ය කුඩා බිබුලේ චන්දසිරි හිමි (2001-2005)
- ශාස්ත්‍රපති පූජ්‍ය ගෝණදෙණියේ තපස්සි හිමි (2005-2010)
- ශාස්ත්‍රවේදී පූජ්‍ය බඹරැන්දේ නන්ද හිමි (2010-2018)
- ශාස්ත්‍රවේදී පූජ්‍ය පරපාමුල්ලේ සමිත හිමි (2018-2020)
- ශාස්ත්‍රවේදී පූජ්‍ය පරපාමුල්ලේ ඥාණසිරි හිමි (2020-2022)
- ශාස්ත්‍රවේදී පූජ්‍ය කරපුටුගල සුමනවංශ හිමි (2022 සිට වර්තමානය දක්වා)
රතනජෝති පිරිවෙණෙහි වර්තමාන ආචාර්ය මණ්ඩලය
- පරිවේණාධිපති, පූජ්‍ය කරපුටුගල සුමනවංශ හිමි
- නි. පරිවේණාධිපති, පුජ්‍ය පරපාමුල්ලේ ඥානසිරි හිමි
- පුජ්‍ය බඹරවානේ විමලධම්ම හිමි
- ශාන්ත මනතුංග මයා
- කේ. එච්. ආර්. ද සිල්වා මයා
- ඩබ්. එම්. ඒ. එන්. බණ්ඩාර මයා
- ටී. ජී. චමල් සුජීව තිලකරත්න මයා
- දුමින්ද නල්ලපෙරුම මයා
- කේ. ඒ. තුෂාර ඉන්දික මයා
- ඒ. පී. අශෝක ජයරත්න මයා
- සී. එස්. වික්‍රම ආරච්චි මයා
- ජී. ඒ. තරංග දයාමල් මයා
- ඒ. කේ. චාමර උදයංග මයා
- ආර්. එස්. පී. කුමාර මයා
- පී. ඒ. අනුරුද්ධ චාමර මයා
- ආර්. ඒ. මාධව දිල්ශාන් මයා
- ජී. වයි. දමිත් නිලංග මයා
- අයි. මලින්ද සඳරුවන් මයා
- කේ. එම්. සමරවික්‍රම මයා
- ඩබ්. ඩී. රජිත් සංජීව මයා
- එල්. වයි. බී. එස්. වීරරත්න
- එච්. ඊ. ඒ. සඳුන් ශ්‍රීකාන්ත
මෙහෙවර
ජාතික අධ්‍යාපන අරමුණු මත හඳුනා ගත් දක්ෂතා සමඟ නිපුණතා සංවර්ධනය කර නිර්මාණශීලී ගුණ ගරුක මානව දයාවෙන් පිරිපුන් පරිසර හිතකාමී ශාසනාභිවෘද්ධි පුරවැසියෙකු සමඟ සඟරුවනක් බිහි කිරීම.




